පූර්ව මුඛ පිළිකා ලක්ෂණ පාසල් සිසුන් අතරත්..
Thursday, 20 February 2025 - 11:54 | Views - 2,202
මුඛ පිළිකා හේතුවෙන් මෙරට පුද්ගලයින් තිදෙනෙකු හෝ සිව්දෙනෙකු දෛනිකව මිය යන බව මුහුණ මුඛය සහ හනු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක පවසනවා.
එසේම, වාර්ෂිකව මෙරටින් නව මුඛ පිළිකා රෝගීන් 2,000ත් 3,000ත් අතර සංඛ්‍යාවක් හඳුනාගන්නා බවද වෛද්‍යවරයා සඳහන් කළා.
මේ අතර පූර්ව මුඛ පිළිකා ලක්ෂණ පාසල් දරුවන් අතරේ ද දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය ආනන්ද වැඩිදුරටත් සඳහන් කළා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා මෙම අදහස් දැක්වුවා.
Share This Article