මීනගයා දුම්රියේ ගැටී වන අලි 05 දෙනෙකු මරුට
Thursday, 20 February 2025 - 7:52 | Views - 393
ගල්ඔය දුම්රිය ස්ථානය ආසන්නයේදී මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වු මීනගයා දුම්රියේ වන අලි රංචුවක් ගැටීමෙන් අලි 05 දෙනෙකු මියගොස් තිබෙනවා.
දුම්රිය දෙපර්තමේන්තුව සදහන් කළේ, මේ හේතුවෙන් මඩකලපුව කොළඹ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු වලට බාධා එල්ල වී ඇති බවයි.
ඊයේ රාත්රියේ 11.20ට පමණ මීනගයා දුම්රියේ 07 දෙනෙකුගෙන් යුත් වනඅලි රංචුවක් ගැටී තිබුණා.
ඒ හේතුවෙන් දුම්රිය එන්ජිම පිලි පැනිමකට ලක් වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.
අනතුරින් මිය ගිය වනඅලි අතර පැටවුන් තුන්දෙනෙකුද සිටිනවා.
මීට පෙරද අවස්ථා කිහිපයකදීම මීනගයා දුම්රියේ වනඅලී ගැටීමේ සිද්ධි වාර්තා වුණා.
Share This Article