ගණේමුල්ල සංජීවගේ වෙඩික්කරු ගිනිඅවිය රැගෙන ආ හැටිත් එළියට
Wednesday, 19 February 2025 - 13:15 | Views - 346
සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තාට වෙඩි තැබූ බවට සැකකෙරෙන පුද්ගලයා ග්‍රන්ථයක් තුළ ඉතා සූක්ෂම ආකාරයෙන් ගිනිඅවිය රඳවා ගෙන ආ බවට තොරතුරු හෙළි වී තිබෙනවා.
අදාළ සැකකරු අධිකරණ භූමියට ඇතුළු වන අවස්ථාවේ එම ග්‍රන්ථය රැගෙන එන අයුරු ද CCTV කැමරාවේ සටහන්ව තිබුණා.
අද (19) උදෑසන අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ දී සිදුවු මෙම වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්වුණා.
Share This Article