වෙඩි වැදුණු ගනේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට.. (Update , Videos )
Wednesday, 19 February 2025 - 10:12 | Views - 612
UPDATE..
වෙඩි වැදුණු ගනේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
--------------------------------------------
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නැමැත්තා ඉලක්ක කර අලුත්කඩේ අධිකරණ භූමිය තුළදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඔහුව නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අද(19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් තිබුණ අවස්ථාවේදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේ.
Share This Article