කැරිබියන් මුහුදු තීරයේ සිරි නරඹන්න ගිය ඇයට දෑතම අහිමි වෙයි..
Tuesday, 18 February 2025 - 17:17 | Views - 194
කැරීබියානු වෙරළ තීරයක ෆොටෝ ගසමින් සිටි කාන්තාවකගේ අත් දෙකම මෝරෙක් ඩැහැගෙන ගිය පුවතක් පසුගිය දිනක විදෙස් මාධ්‍ය වාර්තා කළා....

කැරිබියානු වෙරළ තීරයක කාන්තාවක් ඡායාරූපයක් ගනිමින් සිටියදී මෝරෙකු ඇගේ දෑත් සපා කෑ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා..

කැනේඩියානු ජාතිකයෙකු බව සැලකෙන 55 හැවිරිදි කාන්තාව මෙම පහර කෑමට ගොදුරු වුණේ පසුගිය සිකුරාදා වන අතර, තොම්සන්ස් කෝව් අසල නොගැඹුරු වෙරළ තීරයේ දී ඇය මෙම අනතුරට ගොදුරු වූ බවයි වාර්තා පෙන්වා දෙන්නේ...

බලධාරීන්ට අනුව, කාන්තාවට පහර දුන් මෝරා අඩි 6 ක් පමණ දිග කොල්ලකාරී මත්ස්‍යයෙක්.. ඇයගේ එක් අතක් මැණික් කටුවට පහළින් කපා දමා ඇති අතර අනෙක් අත අඩක් ඉහළට කපා දමා ඇති බව වාර්තා පවසනවා...

ඇය මේවන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා කැනඩාවට ආපසු රැගෙන ගොස් තිබෙනවා.
විශේෂය තහවුරු කර නොතිබුණද, මාධ්‍ය වාර්තා යෝජනා කළේ පහර දුන් මත්සයා බුල් වර්ගයේ මෝරෙකු බවයි..

බියට පත් ඇගේ සැමියා මෝරා නැවත පහර දීමට පෙර එළවා දැමීමට උත්සහ කර ඇති බවද සඳහන් වෙනවා... කෙසේ වෙතත්, පහර දීමට පෙර මෝරා, විනාඩි 40 ක් පමණ ප්‍රදේශයේ පිහිනමින් සිටි බවයි වාර්තා වෙන්නේ... 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top