"අවධානය යොමු කළ යුතු" මට්ටමට... ඉදිරි පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ගැන විශේෂ දැනුම්දීමක්...
දිනවල පවතින උණුසුම් කාලගුණ තත්වය ඇත්තෙන්ම බොහෝ දෙනෙක් පීඩාවට පත් කරනවා..
තව මොන තරම් කාලයක් මේ තත්වය පවතිවිද..? මේ අන්න ඒ පිළිබඳව ඔබ දැනුවත් විය යුතුම කාරණයක්..
ඉදිරි පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා..
ඒ අනුව, උතුරු, උතුරු-මැද, වයඹ, බටහිර සහ දකුණු පළාත්වල මෙන්ම මොනරාගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල උෂ්ණත්වය 'අවධානය යොමු කළ යුතු' මට්ටමට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ...