දෙවනවර කියවීම ඇරඹෙයි , ඡන්ද විමසීම ලබන 25වැනිදා..
Tuesday, 18 February 2025 - 10:25 | Views - 357
2025 වර්ෂය සඳහා වන අයවැය දෙවනවර කියවීමේ විවාදය අද (18) පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා.
ඒ ඊයේ අයවැය දෙවන වර කියවීම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදුකරනු ලැබීමෙන් අනතුරුවයි.
එම විවාදය අද සිට ලබන 25 වන දින දක්වා දින 7ක කාලයක් පැවැත්වීමට නියමිත අතර , පෙබරවාරි මස 25 වන දින පස්වරු 6ට අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.
ඒ අනුව, සෑම දිනකම පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා මෙම අයවැය විවාදය පැවැත්වීමට නියමිතයි.
එසේම අයවැයට අදාළ කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි මස 27 වන දින සිට මාර්තු මස 21 වන දින දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිත අතර අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු මස 21 වන දින පස්වරු 6ට පැවැත්වෙනු ඇති.
Share This Article