දෙහි වීදුරුවකින් ලැබෙන දේ දන්නේ නැත්නම් , දැනගන්න..
Tuesday, 18 February 2025 - 8:55 | Views - 857
දන්නවාද දිනපතා දෙහි පානය කිරීම මොන තරම් ගුණදායකද කියලා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන..

දෙහි යුෂවල විටමින් C, B-6, E, නියාසින්, තයමින්, ෆෝලේට්, රයිබෝෆ්ලෙවින්, කොපර්, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොටෑසියම්, සින්ක්, පොස්පරස්, පැන්තෝතෙනික් අම්ලය, සිට්‍රික් අම්ලය, යුරික් අම්ලය, ප්‍රෝටීන හා සිනෝලිකා නම් රසායනික කාණ්ඩයට අයත් ‘ප්ලැමනොයිඩ්’ නමැති රසායනය අඩංගුයි...

දෙහි යුෂ පානයෙන් ලැබෙන ගුණ..

1. පිපාසය සංසිදුවන, සිරුරේ විඩාව නැති කරවන ඖෂධයක් වගේම වාත, පිත්ත, සෙම් නැති කරනවා. කෑම රුචිය වඩනවා, පණු රෝග නැති කරනවා.
2. උදෑසන දෙහි යුෂ මුසු,මද උණුසුම් ජලය වීදුරුවක් පානය කිරීමෙන් සිරුරේ මේද දහනය කර බර අඩු කර ගැනීමට හැකියාව ලැබෙනවා.
3. ශරීර උෂ්ණත්වය අඩු කිරීමේ ගුණ ඇති බැවින් සියලු උණ රෝගා බාධ පාලනය කිරීමේ බලයක් ඇත.
4. සිරුර අභ්‍යන්තරයේ සිටින පරපෝෂිතයන්ට, පණුවන්ට හා බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව ඇත.
5. සිරුර අභ්‍යන්තරයේ ලේ ගැලීම් පාලනය කරනවා.
6. ආහාර රස ගන්වනවා.ආහාර වල අඩංගු යකඩ පෝෂක
උරාගැනීමේ හැකියාව තිබෙනවා. (කොළ මැල්ලුමට සළාදයට හැම විටම දෙහි යුෂ දමන්නේ ඒ නිසයි.)
7. දෙහි යුෂ වල PH 2.00ක ඇති ආම්ලිකතාව නිසා, ආමාශ ගත වූ සැනින් ක්ෂණික ප්‍රතිචාර දක්වනවා.
8. ජීර්ණ පද්ධතිය ආශ්‍රිත වමනය, පාචනය, ඉක්කා වැනි රෝග වලට දෙහි යුෂ ඉතා ගුණදායකයි.
9. සමේ සෛල පණ ගන්වා සම ආරක්ෂා කරනවා. කුෂ්ඨ, විසප්පු, ඉදිමුම් වලට ගුණදායකයි.
10. ස්වභාවික බ්ලිචින් එකක් ලෙස ක්‍රියාකරන නිසා දෙහි යුෂ පානයෙන් සම පැහැපත් කර ගත හැකියි.
11. කුරැළෑ, ලප, කැළැල් වලට එරෙහිව ක්‍රියාකරනවා.
12. හිස්සොරි නිසා ඇතිවන ආසාදන සුව කරනවා.
13. දෙහි යුෂ හදවතට හිත කරයි. පොටෑසියම් සංචිත හා එක්ව රුධිර නාළ වල මේද තැන්පත් වීමට එරෙහිව ක්‍රියාකරනවා.
14. අධික රුධිර පීඩනය හා ආශ්‍රිත හෘද රෝග පාලනය කිරීමේ ගුණයෙන් යුක්තයි.
15. කොලෙස්ටරෝල් තත්ත්වය පාලනය කිරීමට ක්‍රියා කරනවා.
16. ඇමෙරිකානු දියවැඩියා සංගමය පවසන්නේ රුධිර ගත සීනි පාලනය කිරීමේ හැකියාව ඇති බවයි.
17. දෙහි යුෂ වලට සිරුරේ නිපදවන ග්ලුකෝස් එසැනින් උරාගැනීමට හැකියාව ඇත.
18. සිටි්‍රක් අම්ලය ඇති නිසා මූත්‍රාශයේ ගල් දිය කිරීමේ ගුණය ඇත.
19. යුරික් අම්ලය ඇති නිසා සන්ධි ඉදිමීම් හා වේදනා පාලනය කිරීමේ ගුණය ඇත. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top