විමසිලිමත්වන්න ! පළාත් 5ක උණුසුම් කාලගුණය ගැන තවදුරටත්..
Tuesday, 18 February 2025 - 7:21 | Views - 244
පළාත් කිහිපයක උණුසුම අද(18) දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, උතුර, උතුරුමැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අද දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.
ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
කුඩා දරුවන් ,වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මේ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.
මේ අතර ගත වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය රත්නපුරෙන් වාර්තා වී තිබෙනවා.
එම අගය සෙල්සියස් අංශක 36.6 කි.
අඩුම උෂ්ණත්වය නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වුණා.
Share This Article