පුද්ගලික අංශයේ වැටුප් වැඩි වෙන්නේ මෙහෙමයි
Monday, 17 February 2025 - 15:44 | Views - 297
2025 වර්ෂයේ විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේද වැටුප් වැඩිකිරීම සදහා අයවැයෙන් කටයුතු කෙරුණු අතර, ඒ සඳහා සේවායෝජකයන්ගේ සංගමය (Employers' Association) එකඟත්වය පළකර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
ඒ අනුව, එම වැටුප් වර්ධකය පුද්ගලික අංශය සඳහා අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වනු ඇති.
එහිදී දැනට පවතින අවම මාසික වැටුප රුපියල් 21,000 සිට 2025 වසරේ අප්‍රේල් මස රුපියල් 27,000 ක් ලෙස සහ 2026 වසරේ සිට රුපියල් 30,000 ලෙස ඉහළ නැංවීමට සේවායෝජකයන්ගේ සංගමය එකඟත්වය පළ කර තිබෙනවා.
Share This Article