මන්ත්රී ෆයිසාල්ගේ රියේ ගැටී පුද්ගලයෙකු මරුට..
Friday, 14 February 2025 - 9:26 | Views - 362
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මුහම්මද් ෆයිසාල් රැගත් වාහන කොළඹ බලා එමින් සිටිය දී වෙන්නප්පු ප්රදේශයේ දී යතුරු පැදියක ගැටී තිබෙනවා.
එම අනතුරින් යතුරුපැදිකරු මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
එම අනතුර හේතුවෙන් අදාළ රථය පැදවූ මුහම්මද් ෆයිසාල් මන්ත්රීවරයාගේ ඥාති සහෝදරයා අත්අඩංගුවට පත්ව තිබෙනවා.
මන්ත්රීවරයා අද (14) දිනයේ පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීමට එමින් සිටි අතරතුරයි මෙම අනතුර සිදු වී ඇත්තේ.
Share This Article