අද සිට විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්යංශය කියයි
Friday, 14 February 2025 - 7:39 | Views - 168
අද (14) සිට දිනපතා විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්යංශය නිවේදනය කර තිබෙනවා.
ඊයේ (13) දිනයේත් පස්වරුවේ පැයක විදුලි කප්පාදුවක් ක්රියාත්මක වුණා.
ඒ අනුව, කලාප 20ක් යටතේ පැය බැගින් කාණ්ඩ 4කට යටත්ව මෙම විදුලි කප්පාදුව සිදු කළා.
මේ අතර, පසුගිය ඉරිදා දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොචෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්ර තුනම අක්රිය වුණා.
Share This Article