ආදරවන්තයින්ගේ දිනයට පොලිසියෙන් දැනුම්දීමක්
Thursday, 13 February 2025 - 9:01 | Views - 216
හෙට (14) දිනට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ශ්රී ලංකා පොලීසියෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා. ශ්රී ලංකා පොලීසියේ නිල ෆේස්බුක් පිටුවේ ඒ අනුව, '' ආදරවන්තයින්ගේ දිනයට කලින් '' යනුවෙන් දැන්වීමක් පළ තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ "ඔබ ගැහැණු ළමයෙක් නම් ආදරවන්තයින්ගේ දිනය සැමරීමේ දී අනාරක්ෂිත ස්ථානවලට යෑමට පෙර ඔබේ දෙමාපියන් ඔබට ලබාදුන් වටිනා ජීවිතය ගැන දෙවරක් සිතන්න." යනුවෙන්. එවැනි අවස්ථාවක කාන්තාවකට යම් හිංසනයක් සිදුවුවහොත් 109 දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙස ද අදාළ දැන්වීමෙහි සඳහන් වී තිබෙනවා.

Share This Article