හොරෙන් රට පැන්න කොස්තාපල්ට අනුබල දුන් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට
Tuesday, 11 February 2025 - 8:51 | Views - 221

ගල්කිස්ස පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු T-56 ගිනි අවිය සමග පළායාමේ සිද්ධියට ආධාර අනුබල දුන් එම පොලිස් ස්ථානයේම තවත් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.

ටී - 56 ගිනි අවියක් සහ උණ්ඩ 30 ක් සමග අතුරුදන් වී ඇති බවට පැවසෙන පොලිස් කොස්තාපල්වරයා ඩුබායි වෙත පලාගොස් ඇති බවට පසුගිය (09) වෙනිදා අනාවරණය වුණා.

කෙසේ වෙතත්, ඔහු සතුව තිබූ ගිනි අවිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.

මෙම ගිනි අවිය තෙවන පාර්ශවයක් වෙත ලබාදී ඇත්ද යන්න පිළිබදව විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළා.

ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ මෙම පොලිස් කොස්තාපල්වරයා පොලිස් ස්ථානයෙන් ටී - 56 ගිනිඅවිය සහ උණ්ඩ රැගෙන පිටත්ව ගොස් ඇත්තේ රාත්‍රී මාර්ග බාධක රාජකාරී සඳහායි.

කෙසේවෙතත්, ඔහු රාජකාරිය පැවරී තිබූ ස්ථානයට වාර්තා කර නොතිබූ හෙයින් ඒ පිලිබදව සොයා බැලීමෙන් අනතුරුව , ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුම් ලබා දී ඇති අතර, ඔහු ඊට ද ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ.

අනතුරුව සිදුකළ සොයාබැලීමකදී අනාවරණ වී ඇත්තේ මෙම සැකකාර නිලධාරීවරයා එදින රාත්‍රියේම කටුනායක ගුවන්තොටුපපොළින් ඩුබායි බලා පිටව ගොස් ඇති බවටයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top