අද සහ හෙට විදුලි කප්පාදුවක්..
Monday, 10 February 2025 - 14:46 | Views - 920
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඊයේ (09) දින සිදුවූ බිඳ වැටීම හේතුවෙන් අද සහ හෙට විදුලි කප්පාදුවක් සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව, අද (10) සවස සහ හෙට (11) සවස පැය එකහමාරක කාලයක් විදුලි කප්පාදුව සිදුවෙන බවයි සඳහන් වෙන්නේ.මෙම විදුලි කප්පාදුව පස්වරු 3.30 සහ 09.30 දක්වා කාලය තුළ සමස්ත දිවයිනම ආවරණය පරිදි ක්රියාත්මකවෙන බවයි විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත්කරමින් වැඩිදුරටත් පවසා සිටියේ.
ඔබේ ප්රදේශයටත් විදුලිය කැපෙන වේලාව මෙතනින් හරියටම බලා ගන්න..
එම නිවේදනය මෙතැනින්
Share This Article