ඉදිරි දින කිහිපයේදී කෙටි විදුලි කප්පාදුවක්?
Monday, 10 February 2025 - 11:54 | Views - 442
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඊයේ (09) දින සිදුවූ බිඳ වැටීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුලදී කෙටි විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලිබල මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

අදාළ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මේ වනවිට බලශක්ති අමාත්‍යාංශය විසින් නිල දැනුම්දීමක් කර නොමැති අතර, අදාළ බිඳවැටීම යථා තත්ත්වයට පත් කර ගැනීමට සතියක පමණ කාලයක් ගතවනු ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර, විදුලිය විසන්ධි කිරීමේ තීරණයකට පැමිණියහොත් එය දිනකට විනාඩි 15ක් හෝ විනාඩි 20ක කාලයක් ගනු ඇති බවත් වාර්තා වෙනවා.

උද්ගතව ඇති තත්ත්වය හේතුකොට ගෙන විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද ඉහළින් උපදෙස් ලැබී ඇති බවත් එම ආරංචි මාර්ග පවසනවා.

කෙසේ නමුත්, වෙස්ට් කෝස්ට් බලාගාරයෙන් ඊයේ දිනයේදී හදිසි විදුලිය ලබා ගැනීමක් සිදුකර ඇති බවද අදාළ ආරංචි මාර්ග හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top