සිව්දෙනෙකුට මරු කැඳවූ තෝරයායේ මාරක බස් අනතුරට හේතුව හෙළිවෙයි... (Photos)
Monday, 10 February 2025 - 10:25 | Views - 369
හතර දෙනෙකුට මරු කැඳවමින් කුරුණෑගල - තෝරයාය ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරට හේතුව අධික වේගයෙන් එක් බස් රථයක් ධාවනය කිරීම බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්‍රකාශ කළා.

මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයේ අධික වේගය හේතුවෙන් පාලනය කර ගත නොහැකිව නවතා තිබූ මගී ප්‍රවාහන බස්රථයේ ගැටී ඇති බවයි ඔහු කියා සිටියේ.

මෙලෙස නවතා තිබී ඇත්තේ කඳුරුවෙල සිට කුරුණෑගල අතර ධාවනය වන බස්රථයක්.

අද (10) අලුයම සිදුවූ මෙම අනතුරින් කාන්තාවක් ඇතුලු 04 දෙනෙකු මිය ගියා.

සිද්ධියෙන් තුවාල ලැබූ 28 දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණූ අතර, ඔවුන්ගෙන් තුන්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මියගිය අයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.  











Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top