රටම බලා සිටි ගෑස් මිලට ලැබුණු තීරණය මෙන්න..
Monday, 10 February 2025 - 9:06 | Views - 4,165
පෙබරවාරි මාසයේ ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මේ දක්වා ලැබී නොමැති බව වාර්තා වනවා.
ලිට්රෝ ගෑස් මිල සංශෝධනයට අදාළ නිර්දේශ මෙම මස මුල් සතියේ මුදල් අමාත්‍යංශයට යොමු කළ බවත්, එම යෝජනාවලිය සඳහා මේ දක්වා මුදල් අමාත්‍යාංශයේ පිළිතුරු ලැබී නොමැති බවත් එම සමාගමේ උසස් නිලධාරියෙක් සඳහන් කළා.
ලිට්රෝ ගෑස් මිල සූත්‍රයට අනුව, සෑම මාසයකම 4 වැනිදා මධ්‍යම රාත්‍රියේ ගෑස් මිල සංශෝධනය කළ යුතු අතර, බොහෝ මාසවලදී ගෑස් මිල සංශෝධනය නොවන තත්වයක්ද පවතිනු ඇති.
Share This Article