හිරු ආරාම පූජා පුණ්‍ය මහෝත්සවය අද..(Video)
Monday, 10 February 2025 - 7:46 | Views - 266
මහනුවර, ඉහළ මුරුතලාව ඓතිහාසික උඩුමල්දොර පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන සම්බුද්ධ මන්දිරයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ “හිරු ආරාම පූජා“පුණ්‍ය මහෝත්සවය අද (10) සිදු කිරීමට නියමිතයි.

මෙම සම්මා වායාමය සිදු කෙරෙන්නේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන්ගේ අනුශාසනා පෙරදැරිව හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

ලක්දිව බුදු සසුන ආරම්භ වීමෙන් පසු සමස්ත බුදු දහමේ යහ පැවැත්ම සහ අභිවෘද්ධිය කේන්ද්‍ර කරගනිමින් හිරු මාධ්‍ය ජාලය සිදුකරන සේවාව සැදැහැවතුන්ගේ පැසසුමට ලක්වන කරුණක්.

ඒ අනුව, මහනුවර, ඉහළ මුරුතලාව ඓතිහාසික උඩුමල්දොර පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන සම්බුද්ධ මන්දිරයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීම “හිරු ආරාම පූජා“පුණ්‍ය මහෝත්සවය සිදු කෙරෙන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ශාසනමාමක සම්මා වායාමයක් ලෙසින්.

අද උදෑසන 10.32ට යෙදෙන සුබ මොහොතින් මහනුවර, ඉහළ මුරුතලාව ඓතිහාසික උඩුමල්දොර පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන සම්බුද්ධ මන්දිරයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා.

හිරු ආරාම පූජා ශාසනමාමක සම්මා වායාමය හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා සිය පෞද්ගලික පූර්ණ ධන පරිත්‍යාගයෙන් සිදුකරන්නේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන්වහන්සේගේ නිරන්තර අනුශාසකත්වය යටතේයි. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top