සූර්ය පැනල විසන්ධි කරන්නැයි බලශක්ති ඇමති ජනතාවගෙන් ඉල්ලයි.. (Video)
සූර්ය පැනල වහල මත සවිකර ඇති පාරිභෝගිකයින්ගෙන් එම පද්ධති තාවකාලික විසන්ධි කරන මෙන් බලශක්ති අමාත්‍යවරයා විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.
පාන්දුර ප්‍රදේශයේ ට්‍රාන්ස්පෝමරයක වඳුරෙක් ගැටීම හේතුවෙන් මෙම හදිසි විදුලි බිද වැටීම සිදුව ඇති බවත් අද දිනයේ සූර්ය තාපය වැඩි වීම හේතුවෙන් අසමතුලිතතාවයක් හට ගැනීම මෙයට හේතු විය හැකි බවත් එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
එමෙන්ම බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ මෙම තත්ත්වය ඉතාම ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා අතර මේ වන විටත් බොහෝ ප්‍රදේශවලට විදුලිය ලබා දී ඇති බවයි.
එහිදී අදහස් දැක්වූ බලශක්ති ඇමති,
''ඇත්තටම දැනට විශේෂයෙන්ම ජාතික රෝහලට සම්බන්ධ ප්‍රදේශය එතනින් ගියහම වතුර ජලය සැපයීම ප්‍රධානම අවශ්‍යතාවය වන අඹතලේ ප්‍රදේශය බියගම, සපුගස්කන්ද, ආනියා කන්ද ප්‍රදේශවල දැනට යථා තත්වයට පත් කරලා තියෙනවා විදුලි සැපයුම. මේකෙදි පොඩි අපි ඉල්ලීමක් කරනවා පුළුවන් නම් විශේෂයෙන්ම සූර්ය පැනල වහල මත සවිකර ඇති අපේ පාරිභෝගික මහතුන්ගෙන් විශේෂයෙන්ම ඔබතුමන්ලාගේ සූර්ය පැනලට විසන්ධි කරන්න පුළුවන් නම් අපි යථා තත්ත්වයට පත් කරනකම් අපිට ඉක්මනින්ම මේක කරන්න පුළුවන්. මොකද ඒකෙන් එන ලෝඩ් එකත් එක්ක අපිට මේක බැලන්ස් කරන්න ටිකක් අමාරු වෙලා තියෙනවා. ඒක තමා ප්‍රමාදයට හේතුව. අපිට ඒ සහයෝගය ලබා දෙන්න කියලා අපි ඉල්ලලා ඉල්ලා සිටිනවා හැමෝගෙන්ම.''