සූර්ය පැනල විසන්ධි කරන්නැයි බලශක්ති ඇමති ජනතාවගෙන් ඉල්ලයි.. (Video)
Sunday, 09 February 2025 - 15:00 | Views - 326
සූර්ය පැනල වහල මත සවිකර ඇති පාරිභෝගිකයින්ගෙන් එම පද්ධති තාවකාලික විසන්ධි කරන මෙන් බලශක්ති අමාත්‍යවරයා විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.

පාන්දුර ප්‍රදේශයේ ට්‍රාන්ස්පෝමරයක වඳුරෙක් ගැටීම හේතුවෙන් මෙම හදිසි විදුලි බිද වැටීම සිදුව ඇති බවත් අද දිනයේ සූර්ය තාපය වැඩි වීම හේතුවෙන් අසමතුලිතතාවයක් හට ගැනීම මෙයට හේතු විය හැකි බවත් එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එමෙන්ම බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ මෙම තත්ත්වය ඉතාම ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා අතර මේ වන විටත් බොහෝ ප්‍රදේශවලට විදුලිය ලබා දී ඇති බවයි.

එහිදී අදහස් දැක්වූ බලශක්ති ඇමති,

''ඇත්තටම දැනට විශේෂයෙන්ම ජාතික රෝහලට සම්බන්ධ ප්‍රදේශය එතනින් ගියහම වතුර ජලය සැපයීම ප්‍රධානම අවශ්‍යතාවය වන අඹතලේ ප්‍රදේශය බියගම, සපුගස්කන්ද, ආනියා කන්ද ප්‍රදේශවල දැනට යථා තත්වයට පත් කරලා තියෙනවා විදුලි සැපයුම. මේකෙදි පොඩි අපි ඉල්ලීමක් කරනවා පුළුවන් නම් විශේෂයෙන්ම සූර්ය පැනල වහල මත සවිකර ඇති අපේ පාරිභෝගික මහතුන්ගෙන් විශේෂයෙන්ම ඔබතුමන්ලාගේ සූර්ය පැනලට විසන්ධි කරන්න පුළුවන් නම් අපි යථා තත්ත්වයට පත් කරනකම් අපිට ඉක්මනින්ම මේක කරන්න පුළුවන්. මොකද ඒකෙන් එන ලෝඩ් එකත් එක්ක අපිට මේක බැලන්ස් කරන්න ටිකක් අමාරු වෙලා තියෙනවා. ඒක තමා ප්‍රමාදයට හේතුව. අපිට ඒ සහයෝගය ලබා දෙන්න කියලා අපි ඉල්ලලා ඉල්ලා සිටිනවා හැමෝගෙන්ම.''


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top