දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක්..
(Update) - 12. 10PM
කොළඹ ප්‍රධාන පද්ධතියට අයත් "පානදුර ග්‍රිඩ් උපපොළේ" ඇති වූ හදිසි තත්වයක් හේතුවෙන් දිවයින පුරා විදුලිය ඇනහිටීම සිදු වූ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ.
එය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරමින් පවතින අතර ඒ සඳහා පැය කිහිපයක් පමණ ගතවන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් උදයංග හේමපාල හිරු ප්රවෘත්ති කළ විමසීමකදී සඳහන්කර සිටියේ,
----------------------------------
දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුවී ඇති බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පවසනවා.
එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි අප කළ විමසීමකදී බලශක්ති අමාත්‍යාශ ලේකම්වරයා සඳහන්කර සිටියේ.