කැරිබියන් දූපත්වල රික්ටර් මාපක 7.6ක ප්‍රබල භූකම්පනයක් රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්
Sunday, 09 February 2025 - 7:10 | Views - 329
කැරිබියන් දූපත්වල රික්ටර් මාපක 7.6ක භූකම්පනයක් ඇතිවූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරනවා.
එහිදී භූමිකම්පාවේ කේන්ද්‍රය හොන්ඩුරාස් සිට උතුරට සැතපුම් 20 ක් (කිලෝමීටර් 32.1) සහ කේමන් දූපත් වලට නිරිත දෙසින් සැතපුම් 130 (කිලෝමීටර් 209.2) ක් පමණ දුරින් සිදුව ඇති බවයි සඳහන්.
ඒ හේතුවෙන් රටවල් කිහිපයක් සඳහා හදිසි සුනාමි අනතුරු ඇඟවීම් තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන් වන්නේ.
ඒ අනුව, කොලොම්බියාව, කේමන් දූපත්, පුවර්ටෝ රිකෝ රාජ්‍යය, වර්ජින් දූපත්, කොස්ටරිකාව, හොන්ඩුරාස් රාජ්‍යය, නිකරගුවාව සහ කියුබාව යන රටවල වෙරළ තීරයන් ඇතුළු කලාප සඳහා මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
Share This Article