රත්තරං මිලට ලං වෙන්න යන තැඹිලි
Friday, 07 February 2025 - 11:29 | Views - 286

බොහෝ ප්‍රදේශවල මේ වන විට තැඹිලි හිඟයක් නිර්මාණය වී තිබෙන අතර, මේ නිසා ඇතැම් ප්‍රදේශවල තැඹිලි ගෙඩියක මිල රුපියල් දෙසියත් දෙසිය පනහත් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නිසි ලෙස තැඹිලි තොග නොලැබීම නිසා සිල්ලරට තැඹිලි අලෙවි කිරීමේ කටයුතු අතහැර දැමීම පවා සිදුව තිබෙන බව තැඹිලි අලෙවිකරුවන් සඳහන් කරන්නේ.

විවිධ රෝගාබාධ සඳහා තැඹිලි වතුර භාවිත කරන ලෙසට වෛද්‍ය නිර්දේශ ලබා දී තිබෙන රෝගීන්ට අවශ්‍ය තැඹිලි පවා සොයා ගැනීම දුෂ්කර වී තිබෙන බවයි රෝගී ජනතාව මැසිවිලි නගන්නේ.

විශාල වශයෙන් තැඹිලි විදේශ රටවලට යැවීම නිසා තැඹිලි හිඟයක් නිර්මාණය වී තිබෙන බවත්, වියළි කාලගුණ තත්ත්වය වැඩි වුවහොත් තැඹිලි ගෙඩියක මිල රුපියල් තුන්සියය දක්වා ඉහළ යා හැකි බවද තැඹිලි අලෙවි කරන සිල්ලර වෙළෙඳුන් පෙන්වා දෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top