රත්තරං මිලට ලං වෙන්න යන තැඹිලි
Friday, 07 February 2025 - 11:29 | Views - 287
බොහෝ ප්‍රදේශවල මේ වන විට තැඹිලි හිඟයක් නිර්මාණය වී තිබෙන අතර, මේ නිසා ඇතැම් ප්‍රදේශවල තැඹිලි ගෙඩියක මිල රුපියල් දෙසියත් දෙසිය පනහත් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නිසි ලෙස තැඹිලි තොග නොලැබීම නිසා සිල්ලරට තැඹිලි අලෙවි කිරීමේ කටයුතු අතහැර දැමීම පවා සිදුව තිබෙන බව තැඹිලි අලෙවිකරුවන් සඳහන් කරන්නේ.
විවිධ රෝගාබාධ සඳහා තැඹිලි වතුර භාවිත කරන ලෙසට වෛද්‍ය නිර්දේශ ලබා දී තිබෙන රෝගීන්ට අවශ්‍ය තැඹිලි පවා සොයා ගැනීම දුෂ්කර වී තිබෙන බවයි රෝගී ජනතාව මැසිවිලි නගන්නේ.
විශාල වශයෙන් තැඹිලි විදේශ රටවලට යැවීම නිසා තැඹිලි හිඟයක් නිර්මාණය වී තිබෙන බවත්, වියළි කාලගුණ තත්ත්වය වැඩි වුවහොත් තැඹිලි ගෙඩියක මිල රුපියල් තුන්සියය දක්වා ඉහළ යා හැකි බවද තැඹිලි අලෙවි කරන සිල්ලර වෙළෙඳුන් පෙන්වා දෙනවා.
Share This Article