අද සිට රජයේ සියලු ගෙවීම් , කරන්න වෙන්නේ මෙහෙමයි..
Friday, 07 February 2025 - 9:26 | Views - 243
රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන පරිදි 'GovPay' පහසුකම ඇතුළු නව ඩිජිටල් ප්රවේශයන් 03ක් හඳුන්වාදීම අද සිදුකිරීමට නියමිතයි.
ජනපති අනුර කුමාර දිසානායක ප්‍රධානත්වයෙන් එය සිදුකෙරෙනවා.
මෙම නව ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය හඳුන්වාදීමත් සමග රජයේ සියලුම ගෙවීම් ඉන් සිදුකිරීමට ජනතාවට අවස්ථාව සැලසෙනු ඇතියි.
මේ යටතේ රජයේ සේවා 16කට මෙම ගෙවීම් පහසුකම හඳුන්වා දෙනු ලබන අතර, අප්‍රේල් මාසයේදී තවත් සේවා 30ක් හඳුන්වාදීමට නියමිත බවයි, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න පැවසුවේ.
Share This Article