තවත් අබිරහසක් ඉතුරු කරමින්, කාන්තාවකට අත්වූ බිහිසුණු ඉරණම..
Thursday, 06 February 2025 - 11:19 | Views - 399
රාගම පොලිස් වසමේ තලගොල්ල ප්රදේශයේ නිවසක ඊයේ (05) සවස් කාලයේ දී කාන්තාවකගේ ගෙල කපා ගිනි තබා ඝාතනය කර ඇති බව රාගම පොලිසිය සඳහන් කරනවා.
මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 76ක් වූ තලගොල්ල, රාගම ප්රදේශයේ පදිංචිකාරිනියක්.
මරණකාරිය ඇයගේ ස්වාමි පුරුෂයා සමග නිවසේ පදිංචිව සිට ඇති අතර, ස්වාමි පුරුෂයා සිද්ධිය වන අවස්ථාවේදී රැකියාව සඳහා නිවසින් පිටව ගොස් තිබෙනවා.
පසුව නැවත නිවසට පැමිණි ස්වාමි පුරුෂයා මරණකාරිය පිළිබඳව සොයා බැලීමේදී ඇයව ඝාතනය කර ඇති බවටයි නිරීක්ෂණය වී ඇත්තේ.
මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන රාගම පොලිසිය විසින් සිදුකරනු ලබනවා.
කෙසේ වෙතත්, මරණකරුගේ මෘත ශරීරය මේවන විට රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
Share This Article