හීන පොදි බැඳගෙන රාජ්‍ය සේවයට යන්න බලාගෙන හිටිය ඔබට මෙන්න සුබ ආරංචියක්..
Wednesday, 05 February 2025 - 17:28 | Views - 188
මේ කියන්න යන්නේ උපාධිධාරී ඔබට විශේෂ ආරංචියක්.. 

උපාධිධාරීන් 35000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අදහස් දැක්වීමක් සිදුකළා.

ඒ අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්.

පුරප්පාඩු කඩිනමින් පිරවිය යුතු ක්ෂේත්‍ර සඳහා පුරප්පාඩු පුරවන බවයි ඔහු සඳහන් කළේ.

එය 30000ද 35000ද යන්න කිව නොහැකි බවත් වෙනදා මෙන් උපාධිධාරීන් පිරිසක් එළියේ සිටින නිසා එයින් කොටසක් බඳවා ගැනීම මෙහිදී සිදුනොවන අතර පවතින පුරප්පාඩු මත ප්‍රමුඛතාවය ලබා දෙමින් මෙම බඳවා ගැනීම් සිදුකරන බවයි අමාත්‍යවරයා සඳහන්කර සිටියේ.

එමෙන්ම රාජ්‍ය සේවය තුළ ඌණ උපයෝජිත උපාධිධාරී පිරිසක් සිටින අතර ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට තවත් කමිටුවක් පත්වන බවත් ඒ අනුව ප්‍රමාණය තීරණය කරමින් අත්‍යාවශ්‍ය බඳවා ගැනීම් ඉක්මනින් සිදුකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top