අභිමානවත් 77 වන ජාතික නිදහස් සැමරුම අදයි
Tuesday, 04 February 2025 - 12:59 | Views - 309
77 වැනි නිදහස් දින සැමරුම අද පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශයේදී පැවැත්වුණා..

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පැවැත්වෙන පළමු නිදහස් දින සැමරුම මෙය වන අතර ජාතික පුනරුදයට සැරසෙමු යන්න මෙවර එහි තේමාවයි..

මෙවර නිදහස් දින සැමරුම් උත්සවය සඳහා සහභාගී වන හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව 1,511කින් අඩුකර ඇති අතර, මෙවර සහභාගීවන්නේ සාමාජිකයින් 1,873ක් පමණයි..

එමෙන්ම, මෙවර උත්සවය සඳහා ගුවන් යානා තුනක් පමණක් යොදා ගැනීමට නියමිත අතර, පෙළපාලි සඳහා කිසිදු සන්නද්ධ රථයක් යොදා ගැනෙන්නේ නැහැ..

පසුගිය 1 වනදා සිට 7 වනදා දක්වා වූ කාලය තුළ සියලු‍ රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය ඔසවා තබන ලෙස දැනුම් දී ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය කියා සිටියේ..

එමෙන්ම, රාජ්‍ය ආයතන විදුලි ආලෝකයෙන් අලංකාරවත් කරන ලෙස මීට පෙර කර තිබූ දැනුම්දීම අවලංගු කර තිබුණා..

මේ අතර, නිදහස් දින සැමරුමට සමගාමීව විශේෂ රථවාහන සැලැස්මක් අද ක්‍රියාත්මකයි. ඒ අනුව බෞද්ධාලෝක මාවත - ටොරින්ටන් මන්සන්ධියෙන්, ප්‍රේමකීර්ති ද අල්විස් මාවතටත්, ආර්.එච්.පී. හන්දියෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දෙසට මෙන්ම විජේරාම විද්‍යා මාවත හන්දියෙන් විද්‍යා මාවත දෙසට ඇතුල්වීම සහ නිදහස් මාවත නිදහස් වටරවුමෙන් මෙට්ලන්ඩ් චන්ද්‍රවංකය දෙසට ඇතුළුවීම තහනම් වනු ඇති..

ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පදනම් මාවත හන්දියෙන් නිදහස් මාවත දෙසටත්, නිදහස් වට රවුමෙන් නිදහස් චතුරස්‍රය දෙසට ඇතුල්වීම මෙන්ම පුස්තකාල වට රවුමෙන් හෝර්ටන් වටරවුම දෙසට ඇතුල්වීමට ද අවසර හිමිවන්නේ නැහැ..

මේ අතර, නිදහස් දිනයට සමගාමීව රැදවියන් 285 දෙනෙකුට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශේෂ රාජ්‍ය සමාව ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළා..

එමෙන්ම, අද බන්ධනාගාර රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදී ඇති බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top