කඹුරුපිටියේ ඝාතනයට සැකපිට මවත් අත්අඩංගුවට..
Saturday, 01 February 2025 - 13:01 | Views - 424

කඹුරුපිටිය ප්‍රදේශයේදී ඊයේ අළුයම් කාලයේ ඝාතනයට ලක්වූ අවිවාහක ගුරුවරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට වයස අවුරුදු 76ක් වන ඇයගේ මව ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට පෙර සැකපිට වයස අවුරුදු 36ක් වන මරණකාරියගේ සහෝදරයා ද අත්අඩංගුවට ගෙන තිබුණා.

නිවසක කාන්තාවන් දෙදෙනෙකු වැටි සිටින බවටයි ඊයේ අළුයම කඹුරුපිටිය පොලිස් ස්ථානයට පණිවිඩයක් ලැබී තිබුණේ.

ඒ අනුව, නිලධාරින් එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී තරුණිය හිස ප්‍රදේශයේ තුවාල සහිතව මියගොස් සිට ඇති අතර, මව පුටුවක් මත සිහි මද ගතියකින් වැටී සිට තිබෙනවා.

පොලිස් නිලධාරින් විසින් එම කාන්තාව කඹුරුපිටිය රෝහල වෙත ඇතුළත් කර තිබුණා.

මෙසේ මියගොස් තිබුණේ, වයස අවුරුදු 33ක් වූ අවිවාහක ගුරුවරියක්.

මරණකාරිය සිය මව හා සහෝදරයා සමග එම නිවසේ පදිංචිව සිට තිබෙනවා.

මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදීයි අනාවරණය වී තිබෙන්නේ.

මෘත ශරීරය කඹුරුපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කඹුරුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top