හත් දෙනෙකු සමඟ බදුලු ඔයාට ගිය රිය..
Saturday, 01 February 2025 - 12:55 | Views - 394

බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල - උඩුවර, නිල්බෝවිල ප්‍රදේශයේ දී වෛද්‍යවරයකු ඇතුලු පිරිසක් ගමන් ගත් මෝටර්රථයක් මාර්ගයෙන් ඉවතට පැන බදුලු ඔයට පෙරලී ගොස් තිබෙනවා.
ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් කුඩා දරුවන් ඇතුලු හයදෙනෙකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසන්නේ.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි දියතලාව රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු ඔහුගේ කුඩා දරුවන් දෙදෙනකු සහ බිරිඳගේ නැගනියත් ඇයගේ සැමියා සහ කුඩා දරුවන් දෙදෙනකු ඇතුලු හත්දෙනෙකු බදුල්ල සිට බණ්ඩාරවෙල දෙසට මෝටර්රථය තුළ ගමන් කරමින් සිටියදී මෙසේ මෝටර්රථය බදුලු ඔයට පෙරලීයාමෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය සදහන් කරනවා.
අනතුරින් කුඩා දරුවන් හතර දෙනා , ගැබිනි කාන්තාවක සහ ඇයගේ සැමියා මෙසේ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවත් , මෝටර්රථයේ ගමන් ගත් වෛද්‍ය වරයා සුලු තුවාල ලබා සිටින බවත් පොලිසිය පවසනවා.
මෝටර් රථය බදුලු ඔයට පෙරලීයාමෙන් අනතුරුව ප්‍රදේශවාසින් හාලිඇල පොලිසියේ නිලධාරීන් එක්වී මෝටර්රථය තුළ සිරවී සිටි පිරිස මෙසේ බේරාගෙන බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළා..
අනතුරින් මෝටර්රථය ට දැඩි ලෙස අලාභහානි වී සිදුව ඇති අතර තුවාලකරුවන් ගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ප්‍රකාශයකු සදහන් කළා.
Share This Article