හත් දෙනෙකු සමඟ බදුලු ඔයාට ගිය රිය..
Saturday, 01 February 2025 - 12:55 | Views - 395

බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල - උඩුවර, නිල්බෝවිල ප්‍රදේශයේ දී වෛද්‍යවරයකු ඇතුලු පිරිසක් ගමන් ගත් මෝටර්රථයක් මාර්ගයෙන් ඉවතට පැන බදුලු ඔයට පෙරලී ගොස් තිබෙනවා.

ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් කුඩා දරුවන් ඇතුලු හයදෙනෙකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසන්නේ.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි දියතලාව රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු ඔහුගේ කුඩා දරුවන් දෙදෙනකු සහ බිරිඳගේ නැගනියත් ඇයගේ සැමියා සහ කුඩා දරුවන් දෙදෙනකු ඇතුලු හත්දෙනෙකු බදුල්ල සිට බණ්ඩාරවෙල දෙසට මෝටර්රථය තුළ ගමන් කරමින් සිටියදී මෙසේ මෝටර්රථය බදුලු ඔයට පෙරලීයාමෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය සදහන් කරනවා.

අනතුරින් කුඩා දරුවන් හතර දෙනා , ගැබිනි කාන්තාවක සහ ඇයගේ සැමියා මෙසේ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවත් , මෝටර්රථයේ ගමන් ගත් වෛද්‍ය වරයා සුලු තුවාල ලබා සිටින බවත් පොලිසිය පවසනවා.

මෝටර් රථය බදුලු ඔයට පෙරලීයාමෙන් අනතුරුව ප්‍රදේශවාසින් හාලිඇල පොලිසියේ නිලධාරීන් එක්වී මෝටර්රථය තුළ සිරවී සිටි පිරිස මෙසේ බේරාගෙන බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළා..

අනතුරින් මෝටර්රථය ට දැඩි ලෙස අලාභහානි වී සිදුව ඇති අතර තුවාලකරුවන් ගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ප්‍රකාශයකු සදහන් කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top