ඔහු මේ අපරාධය හොඳින් සැලසුම් කළ එකක් ? චන්දිමාගේ මරණයේ සුලමුල හෙළිවෙයි...
Friday, 31 January 2025 - 9:22 | Views - 440

චන්දිමා හර්ෂණී ගුණරත්න, තවමත් 29 හැවිරිදි තරුණියක්.. ඇය කැලණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා මේ වෙද්දී, ඇය රත්නපුර නගරයේ පුද්ගලික මූල්‍ය ආයතනයක රැකියාවක නිරතව සිටියා..

ඔහු මේ අපරාධය හොඳින් සැලසුම් කළ එකක් ද..? මේ ඒ සිද්ධිය ගැන ඇසෙන කතාවයි..

ඊයේ උදෑසන මුළුතැන්ගෙය තුළ මියගිය තරුණිය සහ ඇයගේ මව ආහාර පිසිමින් සිටි අතර මව එම ස්ථානයෙන් ඉවත්ව ගිය අවස්ථාවේදී ඝාතනය සිදුව ඇතැයි පොලිසිය පවසනවා...

තරුණිය නිවසේ මුළුතැන්ගෙයි ලූනු කපමින් සිටියදී හොර රහසේ ගෙට ඇතුළු වූ එම තරුණයා පිටුපසින් ගොස් පිහියකින් ඇයගේ ගෙල කපා මරා දමා ඔහු ද එම ස්ථානයේදීම වස බෝතලයක් පානය කර බෝතලය ගෙතුළ මේසයක් මත තබා නිවසෙන් පළා ගොස් ඇතැයි ද පොලිසිය පවසනවා... තරුණියගේ පියා නිවසෙන් පිටතට ගොස් සිටි බවද පරීක්‍ෂණවලදී හෙළිවී තිබුණා...

කලක් තිස්සේ පැවති ආදර සම්බන්ධතාවක් බිඳවැටීම නිසා උපාධිධාරි පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ පෙම්වතා ද වස පානය කර අසාධ්‍ය තත්ත්වයෙන් ඊයේ රත්නපුර ශික්‍ෂණ රෝහලට ඇතුළු කර ඇතැයි රත්නපුර ඇලපාත පොලිසිය පවසනවා.... වස පානය කළ පෙම්වතා අසාධ්‍ය තත්ත්වයෙන් ඊයේ රත්නපුර ශික්‍ෂණ රෝහලට ඇතුළු කර ඇතැයි රත්නපුර ඇලපාත පොලිසිය පවසයි..

මේ සිද්ධිය පිළිබඳව ඇලපාත පොලිසිය පරීක්‍ෂණ පවත්වන අතර රත්නපුර අපරාධ ස්ථානාගාර නිලධාරීන් ද පරීක්‍ෂණ සිදු කරනවා..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top