භාණ්ඩ කිහිපයක මිල පහළට..
Thursday, 30 January 2025 - 14:09 | Views - 282
ලංකා සතොස ආයතනය මඟින් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරීමක් සිදුකර තිබෙනවා.
වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදියි මෙසේ මිල පහළ දැමීමක් සිදුකිරීමට කටයුතු කර තිබුණේ.
ඒ අනුව, පහත සඳහන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහළ දමා තිබෙන අතර, දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මඟින් මෙම භාණ්ඩ පාරිභොගිකයින්ට අද (30) දිනයේ සිට ලබාගත හැකි බව ද දැනුම් දී තිබෙනවා.
භාණ්ඩ ලැයිස්තුව පහතින්,
භාණ්ඩය පැවති මිල (රු) නව මිල(රු.) ඉතිරිය (රු.)
ලොකු ලූනු(ආනයනික) 230.00 220.00 10.00
පාන් පිටි 175.00 165.00 10.00
සුදු සීනි 240.00 235.00 5.00
රතු පරිප්පු 288.00 285.00 3.00
සුදු කැකුළු (ආනයනික) 210.00 209.00 1.00
Share This Article