මන්ත්‍රී අර්චුනා දේශපාලනයෙන් සමු ගනියි ? (Video)
Thursday, 30 January 2025 - 9:19 | Views - 327
තමන් වැඩිදුරක් දේශපාලනයේ නොසිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසනවා.

මන්ත්‍රීවරයා මේ පිළිබඳව ප්‍රකාශකර සිටියේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප හිමිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත් කරමින්.

එහිදී ඔහු සඳහන්කර සිටියේ මෙවැනි අදහසක්.

''දේශපාලනයට එන්න ඕනි කියලා මම ඩිග්‍රිස් මොකුත් කරලා නෑ. මම දේශපාලනයට ඇත්තටම කැමති නෑ. අවුරුදු 38ක් මම කවදාවත් ඡන්දෙ දීලා නෑ. දැන් වෙලා තියෙන්නේ මිනිස්සුන් වෙනුවට. ඒ නිසා වැඩි දුරක් ඉන්නේ නෑ. දේශපාලනය මම කැමතිම නැති ක්ෂේත්‍රයක්. හැබැයි මම ඉන්න කාලේ කෙලින් ඉන්නවා.''

රියැදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය පා තර්ජනය කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අරච්චුනා අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් යාපනය ප්‍රදේශයේදී මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගත් බවයි.

පසුගියදා මෙම සිද්ධිය සිදුවුණේ අනුරාධපුර ගල්වල මංසන්ධිය අසළදීයි.

මීට අදාළ නඩුව අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙම සිද්ධියට නිවැරදි සැකකරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අරච්චුනා බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දී තිබුණා.

සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අරච්චුනාගේ ඉල්ලීම මත මෝසමක් මගින් මෙම නඩුව මීට පෙර කැදවූ අවස්ථාවේදී නම්වල පරස්පරතාවයක් තිබෙන බව ප්‍රකාශ කල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිවැරදි සැකකරු මෙම සැකකරු බවට අධිකරණයට පිළි ගැනීමට නොහැකි බව කියා සිටීම ඊට හේතුවයි.

ඒ අනුව පොලිසිය අද අධිකරණයට දැනුම් දුන්නේ මෙම රථ වාහන නඩුවට අදාළ සැකකරු ලෙස අරච්චුනා ලෝචනා නමැති නම මීට පෙර මුල් බී වාර්තාවේ සඳහන් වූයේ අතපසුවීමකින් බවයි.

ඒ පිළිබඳව අධිකරණයෙන් සමාව අයදින බවද පොලිසිය පවසා තිබෙනවා.

පොලිසියේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුවේ නිවැරදි සැකකරු ලෙස රාමනාදන් අරච්චුනා යන අය බවට පිළිගනිමින් නඩුව යලි පෙබරවාරි මස 3 වන දින කැඳවීමට නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර පොලිසිය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළ අවස්ථාවේ මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම් දී තිබුණා. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top