ටෙස්ට් පිටියේ පෙරළිකාරයෙක් වුණු ඔහුට අද ලැබුණු තැන..
Wednesday, 29 January 2025 - 16:17 | Views - 196
මේ කියන්න යන්නේ ලොවක් හඳුනන ඔහු ගැන ඇසෙන විශේෂ කතාවක්..

ස්ටීව් ස්මිත් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 10,000 කඩයිම අද පසු කළා.

ඒ ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී යි.

ඒ අනුව ඔස්ට්‍රෙලියානු ටෙස්ට් කණ්ඩායමේ වත්මන් නායක ස්ටීව් ස්මිත් ඉතිහාසයට එක් වන්නේ ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 10,000 සීමාවට ළඟා වූ සිව් වැනි ක්‍රීඩකයා ලෙසයි.

මීට පෙර එම දස්කම ඔස්ට්‍රෙලියාවේදී දක්වා තිබුණේ රිකී පොන්ටින්, ඇලන් බෝඩර් සහ ස්ටීව් වෝ යන ක්‍රීඩකයන්.

මේ අතර ටෙස්ට් පිටියේ ලකුණු 10,000 සීමාවට ළඟා වූ 15 වැනි ක්‍රීඩකයා ද වන්නේ ස්ටීව් ස්මිත්.

එම දස්කම පෑමට ස්ටීව් ස්මිත් ටෙස්ට් තරග 115කට ක්‍රීඩා කර තිබුණා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top