බිහිසුණු බස් අනතුරක් නිසා ප්‍රදේශයක් කැළඹෙයි.. පිරිසක් රෝහලට..
Wednesday, 29 January 2025 - 14:01 | Views - 222
මේ කියන්න යන්නේ තවත් බිහිසුණු අනතුරක් ගැන ඇසෙන කතාවක්.. 

හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය හතේ කණුව දේවාල පල්ලම අසල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා..

බදුල්ල සිට යාපනය බලා ධාවනය වූ සීටීබී බස් රථයක් සහ කටුනායක කර්මාන්ත ශාලාවක සේවක පිරිසක් රැගත් බස් රථයක් මෙසේ අනතුරට පත්ව ඇති බව සඳහන්..

කටුනායක කර්මාන්තශාලාවේ සේවකයෙකුගේ අවමංගල උත්සවයකට සහභාගි වීම සඳහා මෙම පෞද්ගලික බස් රථය දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයට ගොස් ඇති අතර එම ගමන සඳහා තිස්පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වී තිබෙනවා..

මෙම අනතුරෙන් එම සේවක සේවිකාවන්ගෙන් සිව් දෙනකු තුවාල ලබා තිබෙන අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි එම ස්ථානයේ සිටි පුද්ගලයකුත් සඳහන් කළේ..

බදුල්ල සිට යාපනය බලා ධාවනය වූ සීටීබී බස් රථයේ සිටි පුද්ගලයන් 16 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් පොළොන්නරුව සහ හබරණ රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා..

පෞද්ගලික බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මින්නේරිය පොලිසිය වෙත රැගෙන යෑමට නියමිත බවයි මින්නේරිය පොලිසිය සඳහන් කළේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top