තවත් බිහිසුණු ගුවන් අනතුරක්
Wednesday, 29 January 2025 - 11:18 | Views - 349
මේ කියන්න යන්නේ තවත් එක් භයානක ගුවන් අනතුරක් ගැන ඇසෙන කතාවක්.. දකුණු කොරියාවේ බුසාන් නගරයේ ගුවන් තොටුපළකදී ගුවන් ගත්වීමට සූදානම් වූ එයාර් බුසාන් ගුවන් යානයක ගින්නක් ඇතිවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා...

එම අවස්ථාවේ ක්ෂණිකව ක්‍රියාත්මක වූ කාර්යමණ්ඩලය, යානයේ සිටි 176 දෙනාම ඉවත් කිරීමට සමත්වූ බවයි වාර්තා වෙන්නේ.. එහිදී අදාළ යානයේ ගමන්ගත් මගීන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසන්නේ...

එරට වේලාවෙන් අඟහරුවාදා සවස දකුණු කොරියාවේ ගිනිකොනදිග බුසාන් ගුවන් තොටුපළේ සිට හොංකොං බලා පිටත්ව යාමට සූදානම් වූ විට යානයේ පිටුපස කොටසේයි මෙම ගින්න හටගෙන ඇති අතර මෙම දකුණු කොරියානු ගුවන් අනතුර වාර්තා වන්නේ ජෙජු එයාර් ගුවන් යානයක් නිරිතදිග මුවාන් ගුවන් තොටුපළේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 179 දෙනෙකු මරණයට පත්වූ අනතුරින් මසකටත් අඩු කාලයකදීයි..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top