ඉක්මණින් හැදෙන ඩිජිටල් හැඳුනුම්පත , තොරතුරු ගන්න මධ්‍යස්ථාන 2,300කුත්
Monday, 27 January 2025 - 11:28 | Views - 506

ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට මධ්‍යස්ථාන 2,300ක් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

එමෙන්ම ඩිජිටල් හැඳුනුම්පත් නිර්මාණය කිරීම සඳහා ඉන්දියාව රුපියල් කෝටි 1,000ක ආධාරයක් ලබා දීමට එකඟ වූ බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

තඹුත්තේගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව පැවසුවේ.

ඩිජිටල් හැඳුනුම්පත හරහා ඉන්දියාව විසින් දත්ත හොරකම් කරන බවට ඇතැම් පිරිස් චෝදනා කළද, දත්ත ඇතුළු කිරීමට නියමිතවන අදියරින් පසු ඉන්දියාව මෙයට අත නොදමන බව ඔහු පවසනවා.

තවද, මෙම ඩිජිටල් හැඳුනුම්පත හරහා මුල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමට මෙන්ම බදු ගෙවීමේ කටයුතු සඳහා ද පහසුකම් සැලසෙන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top