අදින් ඇරඹෙන නව පාසල් වාරය
Monday, 27 January 2025 - 8:48 | Views - 4,166

මේ වසරට අදාළ නව පාසල් වාරය අද(27) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක අතර, එහි පළමු අදියර අවසන් වන්නේ මාර්තු මස 14 වැනිදායි.

පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අප්‍රේල් මස 01 සිට 11 වැනිදා දක්වාත්, එහි තෙවැනි අදියර අප්‍රේල් 21 වැනිදා සිට මැයි 09 වනදා දක්වාත් පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද සිට ආරම්භ වනවා.

ඒ සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් කිරීමට හැකියාව පවතින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගිය වසරට අදාළව පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පසුගිය බ්‍රහස්පතින්දා නිකුත් කෙරුණු අතර, පෙබරවාරි මස 06 වැනිදා දක්වා ප්‍රතිඵල නැවත සමීක්ෂණයට ඉල්ලුම් කිරීමට අවස්ථාව ලැබෙනු ඇති. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top