ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 188ක් ලබා ගනිමින් හොරණ රාජකීය විද්‍යාලයේ බිසන්දි යෙවින්යා ප්‍රථම ස්ථානයට
Friday, 24 January 2025 - 13:36 | Views - 328
හොරණ රාජකීය විද්‍යාලයේ බිසන්දි යෙවින්යා පසුගිය (2024) 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 188ක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානය ලබා තිබෙනවා.
මේ අතර, වැඩිම ලකුණු ලබා සිසුන් 18 දෙනෙකු සිටින අතර ඊට පිරිමි ළමුන් 11 දෙනෙකු සහ ගැහැණු ළමුන් 7 දෙනෙකු ඇතුළත් බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළේ.
විභාගයට මුහුණු දුන් සිසුන්ගෙන් සියයට 16.05ක ප්‍රතිශතයක් කඩයිම් ලකුණු සීමාව ඉක්මවා ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා.
පසුගිය වසරේ සැප්තැම්බර් 15 වනදා පැවති මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් කෙරුණා.
Share This Article