ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු පසුකළ සිසුන්ගේ අඩුවක්..
Friday, 24 January 2025 - 8:06 | Views - 674
දැඩි ආන්දෝලනයකට තුඩු දුන් 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් කඩයිම් ලකුණු අභිබවා යමින් ඉහළ ලකුණු ලබාගත් සිසුන් සංඛ්‍යාව 51,244ක් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ, ශිෂ්‍යත්ව විභාගයට විභාග අපේක්ෂකයින් 319,284 දෙනෙකු ඉදිරිපත් වී ඇති බවත්, ඉන් සිසුන් 268,040කට ශිෂ්‍යත්ව විභාගයෙන් තමන්ට හිමි කඩයිම් ලකුණු සීමාව ඉක්මවා යාමට නොහැකි වී ඇති බවයි.

පසුගිය වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යෙමු වී ඇති අයදුම් පත්‍ර සංඛ්‍යාව 323,900ක් බවද සඳහන්.

මේ අතර, ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා අභියාචනා කිරීමට විභාග දෙපාර්තමේන්තුව අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ අනුව, ජනවාරි මස 27 වැනි දින සිට පෙබරවාරි මස 06 වැනි දින තෙක් අදාළ කාලසීමාව තුළ ඔන්ලයින් ක්‍රම වේදය ඔස්සේ පමණක් සිය අභියාචනා ඉදිරිපත් කළ යුතුවනවා.

ශිෂ්‍යත්ව විභාගය සමත් අඩු ආදායම්ලාභී පවුල්වල තෝරාගත් දරුවන් 20,000කට ශිෂ්‍යාධාර අරමුදල් හිමිවන අතර ඒ සඳහා ද අයදුම් කරන ආකාරය පහත දැක්වෙන නිවේදනයේ සඳහන් වෙනවා. 

---------------------------------------

2024 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

ඒ අනුව https://www.doenets.lk සහ www.results.exams.gov.lk යන සබැඳියට පිවිසීම හරහා ඔබට ප්‍රතිඵල ලබා ගත හැකියි.

පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවැත් වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් සිසුන් 244,092 ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 79,787ක් ලෙස සිසුන් 323,879 දෙනෙකු ලියාපදිංචි වී තිබුණා.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top