"වාහන මාදිවෙල තියෙනවා.." මාදිවෙල රේන්ජ් රෝවර් ගැන මන්ත්‍රී චාමර කියූ කතාව මෙන්න...
අද පාර්ලිමේන්තුවේදී ඇතිවුණ ඇතැම් කතා ගොඩක් විශේෂයි.. මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ තවත් එක කතාවක්..
පාර්ලිමේන්තු ඇමතිවරු සහ මන්ත්‍රීවරු කිසිවෙකු රජයේ වාහන භාවිත නොකර බව අගමැතිවරිය පැවසුව ද ඇතැමුන් රජයේ වාහන භාවිත කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක චෝදනා කරනවා..
එමෙන්ම එසේ වාහන ලබා දී නොමැති බවට අගමැතිවරිය පාර්ලිමේන්තුවේ දී ඉතා වගකීමෙන් පවසන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ..
අද (23) පාර්ලිමේන්තුවේදී අගමැති ආචාර්ය හරිනි අමරසූරිය වෙත ප්‍රශ්නයක් යොමු කරමිනුයි ඔහු මෙසේ චෝදනා කළේ..
ඔහු වැඩිදුරටත් ඒ පිළිබඳ අදහස් දක්වමින් මෙලෙස පැවසුවා..
''වාහන මාදිවල තියෙනවා. අදිනවා. හැබැයි ඔබතුමිය දීලා නැහැ කියලා වගකීමෙන් කියනවා. අද රේන්ජ් රෝවර් මාදිවෙල ගෙවල් අස්සේ තියෙනවා. රේන්ජ් රෝවර් ඇමතිවරයෙක් පදිනවා මේ පාර්ලිමේන්තුවේ. රේන්ජ් රෝවර් එකට වියදම වී එයිට් එකට වැඩිය වියදමක්. වී එයිට් පදින්න. පදිනවාට වැඩිය.
ඇමතිගේ නම කියන්නේ නැහැ මම. ඊළඟ එක. නම කියන්නද? වසන්ත සමරසිංහ ඇමතිතුමා. වසන්ත සමරසිංහ ඇමතිතුමා පදින්නේ. ඔන්න ඇමති. නම කියන්න කියපු හින්දා කිව්වා.
ඊළඟ මගේ අතුරු ප්රශ්නය. මෙන්න මේ වාහනේ. මේ සමාජ මධ්‍යයේ ගියේ. මේක සංචාරක අමාත්‍යංශයේ ලේකම් යටතේ ලියාපදිංචි වෙලා තියෙන්නේ. මේක ඇවිල්ලා ඕගොල්ලොන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ. නම කියන්නෑ. මේ බණ්ඩාරවෙල, පූනාගල වත්තේ වල් වදිනවා.''