"වාහන මාදිවෙල තියෙනවා.." මාදිවෙල රේන්ජ් රෝවර් ගැන මන්ත්‍රී චාමර කියූ කතාව මෙන්න...
Thursday, 23 January 2025 - 15:41 | Views - 112
අද පාර්ලිමේන්තුවේදී ඇතිවුණ ඇතැම් කතා ගොඩක් විශේෂයි.. මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ තවත් එක කතාවක්.. 

පාර්ලිමේන්තු ඇමතිවරු සහ මන්ත්‍රීවරු කිසිවෙකු රජයේ වාහන භාවිත නොකර බව අගමැතිවරිය පැවසුව ද ඇතැමුන් රජයේ වාහන භාවිත කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක චෝදනා කරනවා..

එමෙන්ම එසේ වාහන ලබා දී නොමැති බවට අගමැතිවරිය පාර්ලිමේන්තුවේ දී ඉතා වගකීමෙන් පවසන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ..

අද (23) පාර්ලිමේන්තුවේදී අගමැති ආචාර්ය හරිනි අමරසූරිය වෙත ප්‍රශ්නයක් යොමු කරමිනුයි ඔහු මෙසේ චෝදනා කළේ..

ඔහු වැඩිදුරටත් ඒ පිළිබඳ අදහස් දක්වමින් මෙලෙස පැවසුවා..

''වාහන මාදිවල තියෙනවා. අදිනවා. හැබැයි ඔබතුමිය දීලා නැහැ කියලා වගකීමෙන් කියනවා. අද රේන්ජ් රෝවර් මාදිවෙල ගෙවල් අස්සේ තියෙනවා. රේන්ජ් රෝවර් ඇමතිවරයෙක් පදිනවා මේ පාර්ලිමේන්තුවේ. රේන්ජ් රෝවර් එකට වියදම වී එයිට් එකට වැඩිය වියදමක්. වී එයිට් පදින්න. පදිනවාට වැඩිය.

ඇමතිගේ නම කියන්නේ නැහැ මම. ඊළඟ එක. නම කියන්නද? වසන්ත සමරසිංහ ඇමතිතුමා. වසන්ත සමරසිංහ ඇමතිතුමා පදින්නේ. ඔන්න ඇමති. නම කියන්න කියපු හින්දා කිව්වා.

ඊළඟ මගේ අතුරු ප්‍රශ්නය. මෙන්න මේ වාහනේ. මේ සමාජ මධ්‍යයේ ගියේ. මේක සංචාරක අමාත්‍යංශයේ ලේකම් යටතේ ලියාපදිංචි වෙලා තියෙන්නේ. මේක ඇවිල්ලා ඕගොල්ලොන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ. නම කියන්නෑ. මේ බණ්ඩාරවෙල, පූනාගල වත්තේ වල් වදිනවා.''
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top