වැට් බදු නොගෙවන්නන්ට වෙන්න යන දේ ගැන දන්නවාද..?
Thursday, 23 January 2025 - 9:42 | Views - 246
වැට් බදු මුදල් වහාම රජයට ගෙවීම, ඒවා ගෙවිය යුතු තැනැත්තන්ගේ පරම වගකීම බවත් ව්‍යවස්ථාදායකයේ අභිමතයද එය බැවින් එම මුදල් නොගෙවන තැනැත්තන්ට අධිකරණ මගින් අධික දණ්ඩන පනවා ඇති බවත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ ප්‍රකාශ කළා..

අතිරේක මහේස්ත්‍රාත්වරයා ඒ බව කියා සිටියේ එකතු කළ අගය මත අය විය යුතු බදු මුදල් රුපියල් 29,479,155ක් නොගෙවීම මත දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් පැවරූ නඩුවක තීන්දුව ලබාදෙමින්..

මෑන් පවර් ආයතනයක අධ්‍යක්ෂකවරයෙකු මෙම සිද්ධියේ වග උත්තරකරු වන අතර අදාල බදු මුදල නොගෙවන්නේ නම් වගඋත්තරකරුට මාස හයක ලිහිල් වැඩසහිත සිර දඬුවමක් නියම කරන බවටද විනිසුරුවරයා නියෝග කළා..

වගඋත්තරකාර අධ්‍යක්ෂකවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මාසිකව රුපියල් ලක්ෂ 3 බැගින් එම මුදල වසරක් තුළ ගෙවා අවසන් කිරීමට තම සේවාදායකයාට අවසර ලබා දෙන ලෙසයි..

එය සලකා බැලු‍ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊට අවසර ලබාදුන් අතර වගඋත්තරකාර අධ්‍යක්ෂකවරයාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසද නියෝග කළා..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top