රාමනාදන් අර්චුනා නම මාරු වෙලාද..? සැකකරුවෙකු ලෙස මන්ත්‍රි අර්චුනාගේ ඉදිරිපත් වීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි..
Thursday, 23 January 2025 - 7:12 | Views - 146
ඔහු ගැන කතා මැවෙන්න ගත්තේ මීට ටික කාලයකට කලින් ඉඳලාමයි.. මේ කියන්න අන්නේ තවත් අන්න ඒ වගේ ඔහු ගැන ඇසෙන කතාවක්..

අනුරාධපුර පොලිසියේ රථවාහන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් වීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය ප්‍රතික්ෂේප කර තිබෙනවා..

එහිදී මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ පොලිසිය මුල් 'බී' වාර්තාවේ සැකකරුගේ නම ලෙස අර්චුනා ලෝචනා වශයෙන් සඳහන් කර ඇති බවයි..

කෙසේ වෙතත්, අද ජාතික හැඳුනුම්පත සමග අධිකරණයට ඉදිරිපත් වුණු සැකකරුගේ නම රාමනාදන් අර්චුනා ලෙස සදහන් වන බවත් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබෙනවා..

ඒ අනුව, නම් දෙක පරස්පර බැවින් රාමනාදන් අර්චුනා සැකකරුවෙකු ලෙස පිළිගත නොහැකි බවයි මහේස්ත්‍රාත්වරයා දැනුම් දී ඇත්තේ..

මෙම සිද්ධියට අදාළව අධිකරණය හමුවේ පවතින නඩුවේ සැකකරු තමා බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාමනාදන් අර්චුනා මෝසමක් මගින් අද (22) අධිකරණයට ඉදිරිපත් වී තිබුණා..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top