ඔබත් මේ ප්‍රශ්නයෙන් පෙලෙන අයෙක් ද ? ලැබෙන්නේ අඩුවෙන් , වියදම වැඩියෙන්..
Tuesday, 21 January 2025 - 14:29 | Views - 350

2025 වර්ෂයේ ජනවාරි 02 වැනි සතිය වන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප්‍රමාණය ඒක පුද්ගල ආදායම ඉක්මවා ගොස් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යයන පිළිබද මහාචාර්ය වසන්ත අතුකෝරාල සමඟ කළ විමසීමක දී ඔහු විසින් අනාවරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද සංඛ්‍යයන වාර්තාවකින් මේ බව අනාවරණය වී තිබෙන බවද සඳහන් වනවා.

2020 වර්ෂයේ දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ පුද්ගල අදායම, ඒක පුද්ගල ණය ප්‍රමාණය සෑම වසරකම ඉක්මවා පැවතුණා.

එහෙත් 2021 න් පපසුව ලංකාවේ ප්‍රථම වතාවට ඒක පුද්ගල ණය ප්‍රමාණය ඒක පුද්ගල ආදායමත් ඉක්මවා ගොස් ඇත. එනම් 2021 වර්ෂයේ දී ඒක පුද්ගල ආදායම රුපියල් 7,94,926 ක් වූ අතර ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 7,95,007 ක් ලෙස වාර්තා වුණා.

2022 වර්ෂයේ දී ඒක පුද්ගල ආදායම රුපියල් 10,84,882 ක් ලෙස වාර්තා වන අතර ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 12,39,441 ක් ලෙස වාර්තා වනවා.

2023 වර්ෂයේ දී ඒඒක පුද්ගල ආදායම රුපියල් 12,53,785 ලෙස වාර්තා වන අතර ඒක පුද්ගල ණය ප්‍රමාණය 13,02,171 ක් ලෙස දැක්වුණා.

මේ අනුව, පැහැදිළි වනුයේ 2020 න් පසුව සෑම වසරකදී ම ලංකාවේ ඒක පුද්ගල ආදායමට වඩා ඒක පුද්ගල ණය ප්‍රමාණය ඉහළ මට්ටමක පැවති බවයි. ආර්ථික වශයෙන් ගත් විට මෙය සුබවාදී තත්ත්වයක් නොවන බව ද මහාචාර්යවරයා සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top