ඔබත් මේ ප්‍රශ්නයෙන් පෙලෙන අයෙක් ද ? ලැබෙන්නේ අඩුවෙන් , වියදම වැඩියෙන්..
Tuesday, 21 January 2025 - 14:29 | Views - 351

2025 වර්ෂයේ ජනවාරි 02 වැනි සතිය වන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප්‍රමාණය ඒක පුද්ගල ආදායම ඉක්මවා ගොස් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යයන පිළිබද මහාචාර්ය වසන්ත අතුකෝරාල සමඟ කළ විමසීමක දී ඔහු විසින් අනාවරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද සංඛ්‍යයන වාර්තාවකින් මේ බව අනාවරණය වී තිබෙන බවද සඳහන් වනවා.
2020 වර්ෂයේ දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ පුද්ගල අදායම, ඒක පුද්ගල ණය ප්‍රමාණය සෑම වසරකම ඉක්මවා පැවතුණා.
එහෙත් 2021 න් පපසුව ලංකාවේ ප්‍රථම වතාවට ඒක පුද්ගල ණය ප්‍රමාණය ඒක පුද්ගල ආදායමත් ඉක්මවා ගොස් ඇත. එනම් 2021 වර්ෂයේ දී ඒක පුද්ගල ආදායම රුපියල් 7,94,926 ක් වූ අතර ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 7,95,007 ක් ලෙස වාර්තා වුණා.
2022 වර්ෂයේ දී ඒක පුද්ගල ආදායම රුපියල් 10,84,882 ක් ලෙස වාර්තා වන අතර ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 12,39,441 ක් ලෙස වාර්තා වනවා.
2023 වර්ෂයේ දී ඒඒක පුද්ගල ආදායම රුපියල් 12,53,785 ලෙස වාර්තා වන අතර ඒක පුද්ගල ණය ප්‍රමාණය 13,02,171 ක් ලෙස දැක්වුණා.
මේ අනුව, පැහැදිළි වනුයේ 2020 න් පසුව සෑම වසරකදී ම ලංකාවේ ඒක පුද්ගල ආදායමට වඩා ඒක පුද්ගල ණය ප්‍රමාණය ඉහළ මට්ටමක පැවති බවයි. ආර්ථික වශයෙන් ගත් විට මෙය සුබවාදී තත්ත්වයක් නොවන බව ද මහාචාර්යවරයා සඳහන් කළා.
Share This Article