පොලී රහිත ණයක් , ඔබටත්..
Tuesday, 21 January 2025 - 14:18 | Views - 491
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්රමයේ 9 වන බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.ඒ, අනුව 2021/ 2022/ 2023 වර්ෂ වලදී අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත් සිසුන් සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම සිදු කළ හැකියි.සුදුසුකම්ලත් අපේක්ෂකයින් https://studentloans.mohe.gov.lk මගින් මාර්ගගත ක්‍රමය යටතේ අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.සියලුම උපාධි පාඨමාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙහෙයවනු ලබන අතර, https://studentloans.mohe.gov.lk වෙබ් අඩවියෙහි පළකොට ඇති ශිෂ්‍ය අත්පොත මගින් අදාළ උපාධි පාඨමාලා ලැයිස්තුවට යොමුවිය හැක.අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලය ආරම්භක දිනය : 2025.01.22 / අවසන් දිනය : 2025.02.22
Share This Article