පෙබරවාරියේ මැද පෙරදිග යන්න සැරසෙන ජනපති අනුර
Tuesday, 21 January 2025 - 12:27 | Views - 233

එළැඹෙන පෙබරවාරියේ දී මැද පෙරදිග සංචාරය කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ සඳහා මැද පෙරදිග රටවලින් දැනටමත් ආරාධනා ලැබී ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

පසුගිය දා කළුතර බේරුවල ප්‍රදේශයේ පැවැති ජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ක්‍රමානුකූලව ශ්‍රී ලංකාව බොරතෙල් අපනයන කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කරන බවයි.

දැනට ඛනිජ තෙල් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම රටවල් සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් එය රජයන් අතර සහයෝගීතාවයෙන් යුක්තව සිදු කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ඒ අනුව, මෙම සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා ලබන මාසයේ දී මැද පෙරදිග සංචාරය කිරීමට සැලසුම් කර ඇති බවයි එහි දී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top